වී මෙට්‍රික් ටොන් ලක්ෂයක් ගන්න වී අලෙවි මණ්ඩලයෙන් සැලසුම්


වී මෙට්‍රික් ටොන් ලක්ෂයක් යල කන්නයේ අස්වැන්නෙන් මිල දී ගැනීමට වී අලෙවි මණ්ඩලය සැලසුම් කර ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

මේ වෙනුවෙන් රුපියල් මිලියන 10,500ක මුදලක් වැය කිරීමට යෝජිතව තිබේ.

ඒ සඳහා  අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබන සතියේ දී ගැනීමට කටයුතු  යොදා ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කරයි.



Recommended Articles