වී මිලදී ගැනිමට සුළු ව්‍යාපාරිකයන්ට මිලියන 13596ක ඔඩපණ ණය දීලා


ගොවින්ගේ වී මිලදි ගැනිම සදහා  සුළු හා මධ්‍ය පරිමාණ වි  මෝල් හිමියන්  672 නෙකු  වෙත ඉකුත් වර්ෂයේ දි  (2025)  ඔඩපණ ණය යෝජනා ක්‍රමය යටතේ  රුපියල් මිලියන 13596ක මුදලක්  ලබා දි ඇති බැව්  සංවර්ධන මුල්‍ය දෙපාර්තමේන්තුව පවසයි.

සුළු හා මධ්‍ය පරිමාණ වි  මෝල් හිමියන්  672 නෙකු සදහා  රුපියල් මිලියන 16,688ක  ණය ලියාපදිංචිකොට තිබුණි. රජය විසින් මෙකි  වි මෝල් හිමියන් සදහා  රුපියල් මිලියන 132ක  පොලි සහනාධාරයක් ද ලබා දි තිබුණි. මෙම ණය යෝජනා ක්‍රමය යටතේ සුළු හා මධ්‍ය පරිමාණ වි  මෝල් හිමියන්  විසින්  වි මෙට්‍රික්ටොන්  112,894ක්  මිලදිගෙන තිබුණි.

රජය විසින් ප්‍රකාශයට පත්කරණු ලබන සහතික මිලට  වි මෝල්හිමියන් විසින් ගොවින්ගෙන් වි මිලදිගත යුතු අතර  ඔඩපණ ණය සදහා වාර්ෂික පොලි අනුපාතය සියයට 11කි. ඉන් සියයට 7ක් වි මෝල් හිමියන් විසින් දැරිය යුතු අතර සියයට 4ක පොලි මුදල  රජය විසින් දරණු ලබයි.

 



Recommended Articles