වි අලෙවි මණ්ඩලය විසින් 2012-2019 කාලසිමාව තුලදි වි මිලදි ගැනිම සදහා මෙරට රාජ්‍ය බැංකු දෙකකින් ලබාගෙන තිබු ඔඩපන ණය මුදලින් රුපියල් අටසියහතලිස්තුන්කෝටි,අසුඅටලක්ෂ,හැටපන්දහස්,අටසියහයක (8,438,865,806) මුදලක් තවදුරටත් එම රාජ්‍ය බැංකු දෙක වෙත ගෙවිමට ඇති බැව් ජාතික විගණනය කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක් මගින් අනාවරණය වි ඇත.
වි අලෙවි මණ්ඩලය විසින් වි තොග මිලදිගත් මිල හා ඒ සදහා වැයවු මුදලට වඩා අඩු මුදලකට සහල් විකිණිම නිසා විශාල පාඩුවක් සිදුවි තිබුණි. මෙම තත්ත්වය හමුවේ මෙකි ණය මුදල ගෙවිමට වි අලෙවි මණ්ඩලයට හැකියාවක් නොතිබුණි. මෙම ණය මුදල කාලීන ණයක් බවට පත්කොට ණය වාරික හා පොලි මුදල මහාභාණ්ඩාගාරයට ගෙවිමට සිදුවි ඇති බවද විගණන වාර්තාවේ සදහන් වේ.
2020 වර්ෂයේ සිට 2028 වර්ෂය දක්වා කාලය තුල මෙකි ණය වාරික හා පොලි මුදල මහා භාණ්ඩාගාරයට ගෙවිමට සිදුවි තිබුණි.ඒ අනුව 2025 වර්ෂයේ මැයි මාසයේ සිට 2028 මැයි මාසය දක්වා ණය පියවිම සදහා මහාභාණ්ඩාගාරය විසින් රාජ්‍ය බැංකු දෙකට ගෙවිය යුතු මුදල රුපියල් හත්සිය එකොළොස්කෝටි,තිස්හත්ලක්ෂ,දහනමදහස්නමසිය පනස්නමයකි. (7,113,719,959) පොළිමුදල් ලෙස ගෙවිමට ඇති මුදල රුපියල් එකසියතිස්දෙකෝටි,පනස්එක්ලක්ෂ,හතලිස්පන්දහස් අටසියහතලිස්හතකි. (1,325,145,847)

