විශේෂ G20 සමුළුවක්


රියාද්, මාර්තු 24 (ෂින්හුවා) - කොවිඩ් 19 වසංගතයට ගත යුු ඉදිරි ක්‍රියාමාර්ග සාකච්ඡා කිරීමට විශේෂ G 20 සමුළුවක් කැඳවා තිබේ. මේ වන විට එහි සභාපතිත්වය දරණ සෞදි අරාබිය මෙම විශේෂ සමුළුව සඳහා සත්කාරකත්ය දක්වයි. මාර්තු 26 දා මම සමුළුව පැවැත්වීමට නියමිතව තිබේ.

කොවිඩ් 19 වසංගතය සහ එහි මානව හා ආර්ථික බලපෑම් කෙරෙහි සම්බන්ධීකරණ ගෝලීය ප්‍රතිචාරයක් දැක්වීම සඳහා සෞදි රජු සල්මාන් බින් අබ්දුලාසීස් අල් සෞඩ් මහතා රැස්වීමේ මුලසුන හොබවන බව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

ජී 20 සාමාජිකයින්ගේ නායකයින්ට අමතරව ස්පාඤ්ඤය  ජෝර්දානය, සිංගප්පූරුව සහ ස්විට්සර්ලන්තය ඇතුළු ආරාධිත රටවල නායකයන් කිහිප දෙනෙක් හා එක්සත් ජාතීන්ගේ සංවිධානාය, ලෝක බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක සෞඛ්‍ය සංවිධානය, ලෝක වෙළඳ සංවිධානය ඇතුළු ජාත්‍යන්තර සංවිධානවල සාමාජිකයින් ද මේ සඳහා එක්වීමට නියමිතය.



Recommended Articles