විශ්‍රාමික SSPගේ නිවස බින්ඳ සේවය හැරගිය PC අත්අඩංගුවට


විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයෙකුට අයත් හම්බන්තොට සූරියවැව ප්‍රදේශයේ  නිවසක් බිද රුපියල් ලක්ෂ අටකට ආසන්න දේපළ සොරා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු පොලිස් කොස්තාපල්වරයකු සූරියවැව පොලිසිය මගින් අත්අඩංගුවට අත්අඩංගුවට ගනු ලැබ ඇත. 

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පොලිස් සේවය හැර ගොස් සිටින සූරියවැව ප්‍රදේශයේම පදිංචි කොස්තාපල්වරයෙක් බව පොලිසිය කියයි. 

කිසිවකු විසින් නිවසට ඇතුළු වී රන් බඩු  ඇතුළු  රුපියල් ලක්ෂ 8 ට ආසන්න වටිනා භාණ්ඩ සොරාගෙන ගොස් ඇති බවට. විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා පසුගිය (14) දින සවස සූරිය වැව පොලිසියට කළ පැමිණිල්ලකට අනුව විමර්ශන ආරම්භ කර ඇත. 

මෙම සැකකාර පොලිස් කොස්තාපල්වරයා සම්බන්ධයෙන් ලද තොරතුරකට අනුව එදින රාත්‍රියේම ඔහු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.  ඉහත නිවසින් සොරා ගන්නා ලද දේපළ සමග ඔහු අත්අඩංගුවට ගෙන ඇත. සූරියවැව පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.



Recommended Articles