විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව සේවාදායකයින්ට පැමිණිම තාවකාලිකව අත්හිටුවයි


පවතින කොවිඩ් -19 තත්ත්වය හේතුවෙන් කිසිදු විශ්‍රාමිකයෙක් නැවත දැනුම් දෙනතුරු විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට පැමිණීමෙන් වළකින ලෙස එම දෙපාර්තමේන්තුව ඉල්ලා සිටී.

නිවේදනයක් නිකුත් කරමින්, විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල්, ඒ. ජගත් ඩී ඩයස් මහතා දැනුම් දෙන්නේ විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවෙන් ලබාගත යුතු සේවාවන් ඇත්නම් එය 1970 ක්‍ෂණික දුරකථන අංකය අමතා ලබාගන්නා ලෙස ය.

විශ්‍රාම වැටුප් සක්‍රීය කිරීමේ සම්මුඛ පරීක්ෂණ සඳහා විශ්‍රාමිකයින් කැඳවීම සහ විවිධ ගැටලු සඳහා විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට පැමිණෙන සියලුම විශ්‍රාමිකයින්ගේ පැමිණීම ඔක්තෝබර් 13 වැනිදා සිට නැවත දැනුම් දෙනතුරු අත්හිටුවීමට එම දෙපාර්තමේන්තුව තීරණය කළ බව ඔහු පවසයි.



Recommended Articles