විශ්‍රම වැටුප් නිවසට හෝ බැංකුවට යාමට පහසුකම්


විශ්‍රාමි​ක වැටුප් ගෙවීම

1. අප්‍රේල් මස 2, 3 දිනවල විශ්‍රා​ම වැටුප් ගෙවීම සිදු කෙරේ.

2. මෙම දින දෙක තුළ ගෙවීම් ලබා ගැනීමට නොහැකි වන අය වේ නම් අප්‍රේල් 06 වැනි දා ගෙවීම් අවසන් කිරීමට බලාපොරොත්තුවේ.

3. විශ්‍රා​ම වැටුප් ලබා ගන්නා ක්‍රමවේ​ද 02ක් තිබේ.

   i         තැපැල් කාර්යාල මඟින්

   ii        ඒ ඒ බැංකු ගිණුම් මගින්

4. තැපැල් කාර්යාල මගින් විශ‍්‍රාම වැටුප් ලබා ගන්නා විශ‍්‍රාමලාභීන්ට ඔවුන්ගේ නිවෙස්වලට හෝ ග්‍රාමසේව​ක වසම තුළට තැපැල් දෙපාර්තමේන්තුව මගින්

විශ්‍රා​ම වැටුප ගෙනැවිත් භාරදෙනු ලැබේ.

5. ඒ ඒ බැංකු ගිණුම් මගින් විශ්‍රා​ම වැටුප් ලබා ගන්නා අයගේ මුදල් අදාළ බැංකු ගිණුම් වෙත අප්‍රේල් 2/3 යන දිනවලදී බැර කරනු ලැබේ.

6. බැංකු ගිණුම් තුළ ඇති මුදල් ලබා ගැනීමට බලාපොරොත්තු වන විශ්‍රාමිකයන්​ට ඇදිරි නීතිය තත්ත්වය හේතුවෙන් ඇතිවන ගමන් අපහසුතා මගහැරීමේ ක‍්‍රමවේදයක් සංවිධානය කර ඇත. මුදල් ගැනීමේ අවශ්‍යතාවය ඇති විශ්‍රාමිකයන් තමන් පදිංචි ග්‍රාමසේව​ක වසම තුළ සිටින ග්‍රා​ම නිලධාරී මගින් කල් ඇතිව දැනුම් දිය යුතුය. මෙම විශ්‍රා​ම වැටුප් හිමිකරුවන් රජය මගින් ආසන්නතම බැංකුව වෙත අප්‍රේල් 2/3 යන දිනවල රැගෙන යාමත්, නැවත එම බැංකු වෙතින් ඔවුන්ගේ ගම් ප්‍රදේ​ශ වෙත රැගෙන ඒමත් සිදුකරනු ලැබේ. මේ සදහා ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය අවශ්‍ය ගමන් පහසුකම් සලසා දෙනු ලබන අතර අදාළ ග්‍රාම සේවා නිලධාරීන්ගේ සහාය ඒ සදහා ලබා ගනු ඇත.

7. ඒ ඒ නගරවල ඇති සෑම බැංකුවක්ම අවම වශයෙන් එක් ශාඛාවක් හෝ මෙම දිනවල විවෘත කර තැබීමට රාජ්‍ය හා පෞද්ගලික බැංකුකරුවන් විසින් එකග වී ඇති බවද දැනුම් දෙනු ලැබේ.



Recommended Articles