විශ්වවිද්‍යාල ආරම්භ කිරීම මැයි 10 දා


කොවිඩ් වසංගතය හේතුවෙන් වසා දමා ඇති විශ්වවිද්‍යාල එළැඹෙන මැයි මස 10 දා සිට ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව අධ්‍යාපන අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා පැවැසීය.

අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවැසීය.

“රට පුරා ම මැයි 10 විශ්වවිද්‍යාල විවෘත කිරීමට බලාපොරොත්තුවෙන් සිටිනවා. එතෙක් මාර්ගගත ක්‍රමවලින් දේශන පැවැත්වීම සිදු වෙනවා. අපි දන්නවා ජීවිතේ කවර පාඩුවක් වුණත් පිරිමසා ගත හැකි බව. නමුත් අධ්‍යාපනය දරුවකුට නොලැබී යාම පිරවිය නොහැකි අඩුවක්.”



Recommended Articles