විශ්ව විද්‍යාල සඳහා අත්පොත් නිකුත් කරයි


පසුගියදා නිකුත් කළ අපොස උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අනුව විශ්ව විද්‍යාලවලට බඳවා ගැනීම සඳහා වන ප්‍රවේශ අත්පොත අද (02) නිකුත් කරන බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම දැනුම් දී සිටියි.

එසේම මෙවර විශ්ව විද්‍යාල උපාධි පාඨමාලා සඳහා සිසුන් 43,300ක් ඇතුළත් කර ගැනීමට සැලසුම් කර ඇති බවද විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම වැඩිදුරටත් ප්‍රකාශ කර ඇති අතර විශ්ව විද්‍යාල සඳහා Online ක්‍රමය ඔස්සේ ලියාපදිංචිය ලබන සතියේ ආරම්භ කිරීමට නියමිත බවද දැනුම් දී සිටියි.
(I J )



Recommended Articles