විවිධ රටවල රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 261 දෙනෙකු දිවයින​ට


ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව විවිධ රටවල රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 261 දෙනෙකු 12/18 දින උදෑසන 8.30 න් අවසන් පැය 24 ක කාළය තුළ කටුනායක ගුවන් තොටුපළ වෙත ගුවන් යානා 04 කින් පැමිණ තිබූ අතර , මෙම කාළය තුළ ගුවන් තොටුපළෙන් පිටත්ව ගිය ගුවන් යානා 07  කින් ශ්‍රී ලාංකිකයන් 774 දෙනෙකු විදේශ රටවල් කරා පිටත්ව ගොස් තිබුණි .

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි සිට එරට රැකියා සදහා ගොස් සිටි ශ්‍රී ලාංකිකයන් 135 දෙනෙකු ද , කටාර් රාජ්‍යයේ දෝහා සිට 117 දෙනෙකු ද කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .

මෙසේ ගුවන් තොටුපළ වෙත පැමිණි පිරිස පී.සී.ආර්.පරීක්ෂණ වලට ලක් කිරීමෙන් පසුව නීරෝධායනය සදහා යොමු කර තිබේ .

එසේම මෙම කාළය තුළදී කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගිය ගුවන් යානා 07 කින් ශ්‍රී ලාංකිකයන් 774 දෙනෙකු විදේශ රටවල් කරා පිටත්ව ගොස් තිබුණි.

ඒ අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි වෙත රැකියා සදහා ශ්‍රී ලාංකිකයන් 284 දෙනෙකු පිටත්ව ගොස් තිබුණි .

එමෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම , දකුණු අප්‍රිකාවේ සංචාරයක් සදහා 12/18 දින උදෑසන 10.55 ට  කටාර් රාජ්‍යයේ දෝහා හරහා දකුණු අප්‍රිකාව බලා කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගියහ .

කටුනායක ටී.කේ.ජී.කපිල



Recommended Articles