විවාහ ලියාපදිංචියට බාධාවක් නෑ


හෙට (17) මධ්‍යම රාත්‍රියේ සිට විවාහ උත්සව පැවැත්වීමට අවසර හිමි නොවූවද  විවාහයක් ලියාපදිංචි කරගැනීමට අවශ්‍ය නම් ඒ සඳහා බාධාවක් නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කර සිටියි.

එම විවාහ ලියාපදිංචිය යම් ස්ථානයකදී නිවසකදී කර ගැනීමට හැකියාවක් බවතින බවත් ඒ සඳහා සහභාගී විය හැක්කේ, මනාල යුවල, දෙපාර්ශ්වයේ දෙමව්පියන්, රෙජිස්ටාර්වරයා සහ සාක්ෂිකරුවන් දෙදෙනාට පමණක් බවත් ඒ හැර වෙනත් කිසිවෙකුට ඊට සහභාගීවීමට අවස්ථාවක් නොමැති බව මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ වැඩිදුරටත් සඳහන් කර සිටියේ​ය.



Recommended Articles