විවාහ උත්සව පැවැත්වීමට දුන් අවසරය අවභාවිත කරනවා


සෞඛ්‍ය උපදෙස් අනුව උපරිමය පුද්ගලයින් 150 දෙනෙකු​ගේ සහභාගිත්වයෙන් යුතුව  විවාහ මංගල උත්සව පැවැත්වීමට ලබාදී ඇති අවසරය අවභාවිතා කරන බවට තොරතුරු ලැබී ඇති බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටියි.

කොළඹින් පිට ප්‍රදේශව​ල පවත්වනු ලබන විවාහ මංගල උත්සව සඳහා ලබාදී තිබෙන උපරිමය 150 දෙනෙකුගෙන් යුත් පිරි​සේ සීමාව ඉක්මවා යමින් විවාහ මංගල උත්සව පවත්වන බවයි යුද හමුදාපතිවරයා මෙහිදී ප්‍රකාශ කර සිටියේ​ය.

මෙවැනි පසුබිමක් මත ඉදිරියේ කොවිඩ් පොකුරු බිහි වීමේ හැකියාවක් ඇති බවයි යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා වැඩි දුරටත් අවධාරණය කර සිටියේ​ය.



Recommended Articles