විල්පත්තුවේ තම පිරිස සමගම දඩයමේ ගිය අයෙකුට වෙඩි තබයි


විල්පත්තුව ජාතික වන උද්‍යානයෙ මුරුන්දන්වේලි මන්ජකොඩි ඇල පිහිටි සිමාව තුළ නීති විරෝධීව වන සතුන් දඩයමේ ගිය දඩයක්කරුවකු වැරදිමකින් කළ වෙඩි තැබිමකින්  වනාතවිල්ලුව එළුවන්කුලම ප්‍රදේශයේ පදිංචිව සිටි 24 හැවිරිදි තරුණයකු මරණයට පත්වි ඇති බව වනාතවිල්ලුව පොලිසිය පැවසිය.

පුත්තලම,වනාතවිල්ලුව, හයෙ කණුව, හා එළුවන්කුලම ප්‍රදේශයෙ පදිංචි  සිව් දෙනෙකු මෙසේ නීති විරෝධී ලෙස වන සතුන් දඩයම් කිරීම සදහා විල්පත්තුව ජාතික වන උද්‍යානයට ගොස් සිටියදී තම පිරිස සමගම සිටි තරුණයකුට එම කණ්ඩායමේ අයකු රාත්‍රියෙ  වැරදිමකින් මෙම වෙඩි තැබිම සිදුකර ඇති බව කියති.

හිරාන් ප්‍රියංකර ජයසිංහ

 



Recommended Articles