විරෝධතාවලදී තුවාල ලැබූ ගණන 84ක් දක්වා ඉහළට


කොළඹ සහ බත්තරමුල්ල පොල්දූව මංසන්ධිය අසල වූ විරෝධතා වලින් තුවාල ලැබූවන් 84 දෙනෙකු මේ වන විට කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කර ඇතැයි එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවසීය.

ඒ අතර යුද හමුදා නිලධාරියෙක්,පොලිස් නිලධාරීන් දෙදෙනෙක් සහ මාධ්‍යවේදීන් දෙදෙනෙකු හා කාන්තාවන් පස් දෙනෙකු වන බව ප්‍රකාශකයා කීය.

ඊයේ පැවති විරෝධතා වලින් තුවාල ලැබූවන් හතළිස් දෙදෙනෙක් සහ  බත්තරමුල්ල පොල්දූව මංසන්ධිය අසල පැවති විරෝධතාව අතරතුර තුවාල ලැබූ හතළිස් දෙදෙනකු ඒ අතර වන බව එම ප්‍රකාශකයා වැඩිදුරටත් පැවසීය.



Recommended Articles