විරෝධතාකරුවන්ට අධිකරණ නියෝගයක්


කොළඹ ලිප්ටන් වටරවුමේ රැස්වන උද්ගෝෂකයින් වෙත කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියෝගයක් නිකුත් කර තිබේ.

ඒ අනුව කොම්පඤ්ඤවීදිය පොලීසිය විසින් අධිකරණයෙන් කල ඉල්ලීමක් අනුව කොළම කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ විසින්  උද්ගෝෂකයන් යුනියන් පෙදෙස මාර්ගය ඔස්සේ පැමිණ ගාලු මුවදොර දෙසට ඇතුලුවීම වළක්වාලමින් අධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කර තිබේ.

කෙසේ නමුත් අධිකරණය එම නියෝගය මගින් වැඩිදුරටත් දන්වා ඇත්තේ ගාලුමුවදොරට ඇතුලුවීමකින් තොරව උද්ඝෝෂකයින් විසින් සංවිධානය කර ඇති විරෝධතාව සිදුකිරීමට බාධාවක් සිදු නොවන බවයි.

 



Recommended Articles