විරෝධතාකරුවන් හමුදාවේ T56 ගිනි අවියක් පැහැරගත් බවට චෝදනාවක්


බත්තරමුල්ල, පොල්දූව මංසන්ධියේ ඊයේ  පැවැති විරෝධතා පාලනය කිරීමට යාමේදි ඇතිවූ නොසන්සුන්කාරි තත්ත්වය මත යුද හමුදා සෙබෙලෙකුගේ ටී56 ගිනි අවියක් විරෝධතාකරුවන් විසින් පැහැරගෙන ඇතැයි සඳහන් කරමින් බොරැල්ල පොලිස් ස්ථානයට පැමිණිල්ලක්ද ඉදිරිපත් කර තිබේ.

ඒසේම ටී.56 ගිනි අවි පතොරම් 60ක් අඩංගු පතොරම් ගැබ් දෙකක්ද මේ අයුරින් පැහැරගෙන ඇතැයිද පොලීසිය නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.

නොසන්සුකාරී තත්ත්වය හේතුවෙන් මෙම සෙබලා තුවාල ලබා ඇති අතර එහිදී ඔහුගේ ගිනි අවිය හා පතොරම් මෙසේ පැහැරගෙන තිබේ. එසේම මෙම සිදුවීමේදී තුවාල ලැබූ තවත් පොලිස් කොස්තාපල්වරයෙක් රෝහල් ගත කර තිබේ.

 



Recommended Articles