විරෝධතාකරුවන් පාර්ලිමේන්තුව වටලයි


පාර්ලිමේන්තු සැසිය පැවැත්වෙන අද දිනයේ (05) පාර්ලිමේන්තුව අවට පැවති විරෝධතාවයත් සමග විරෝධතාකරුවන් විසින් මේ වනවිට පාර්ලිමේන්තුවේ පිවිසුම් මාර්ගයන් අවහිකර කර තිබේ.

මේ හේතුවෙන් එම පිවිසුම් මාර්ග තුලින් කිසිවෙකුට හෝ පාර්ලිමේන්තුවට පිවිසීමට නොහැකි වන අයුරින් පොලීසිය විසින් මාර්ග බාධක යොදා අවහිර කර තිබෙන අතර මේ හේතුවෙන් පාර්ලිමේන්තුවට පැමිණි සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවෙන් පිටව යාමට නොහැකිව ඒ තුල සිරව ඇති බවත් සඳහන්.

අද පාර්ලිමේන්තුව රැස්වීමෙන් අනතුරුව හෙට පෙරවරු 10.00 තෙක් පාර්ලිමේන්තුව කල් තැබීමට කතානායක මහින්ද යාපා අබේවර්ධන තීරණය කර තිබේ.



Recommended Articles