වියළි කාලගුණයේ වෙනසක් ලබන 2 දා සිට


ලබන 2දා සිට දිවයිනේ පවතින වියළි කාලගුණ තත්ත්වයේ වෙනසක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. කෙසේ වෙතත් දිවයිනේ පවතින වියළි කාලගුණ තත්ත්වය තවදුරටත් අපේක්ෂා කරන බවද එම දෙපාර්තමේන්තුව දන්වා සිටියි.

ඉදිරි පැය 36 ඇතුළත බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එසේම දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියලි කාලගුණික තත්ත්වයක් පවතින බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.



Recommended Articles