වියළි කාලගුණයත් සමග ගම්මිරිස් වගාවට පණු රෝගයක්


පවත්නා දැඩි වියළි කාලගුණයත් සමග මාතලේ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ ගනනාවක ගම්මිරිස් වගාවන්ට කදපණු රෝගයක් ව්‍යාප්තව ඇතැයි  ජගත් කාලගුණික අරමුදල (JCF) පවසයි.

පසුගිය දා (09) ලග්ගල ප්‍රදේශය ඇතුළු මාතලේ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසක සිදුකල නිරික්ෂණයක දී මෙම තොරතුරු අනාවරය වී තිබේ.
මේ හේතුවෙන් ගම්මිරිස් ශාකය සම්පූර්ණයෙන් විනාශ වීම හේතුවෙන් ඉදිරි අස්වනු කෙරෙහිද බලපෑම් ඇතිකරණු ඇතැයි  ජගත් කාලගුණික අරමුදල (JCF) කියයි.

ජගත් කාලගුණික අරමුදලේ  නකල්ස් ව්‍යාපෘතියේ උපදේශක සහ ලංකාවේ ගම්මිරිස් පිළිබද විශේඥයෙකු වන ආචාර්ය ආනන්ද සුභසිංහ මහතා විසින් සිදුකරනු ලැබු නියැදි පරික්ෂාවෙන් අනතුරුව අනාවරණය වී ඇත්තේ ගම්මිරිස් ශාකය අභ්‍යන්තරයේ සිටින කද පණුවෙකු ක්‍රමිකව කුරුමිණියෙකු බවට පත්වී වගාව පුරා ව්‍යාප්ත වන බවයි.

රෝග තත්ත්වය පාලනය සදහා සම්පූර්ණ ගම්මිරිස් ශාකයම ක්ෂේත්‍රෙයන් ඉවත්කර ගිනිතබා විනාශ කිරිම සිදුකල යුතු බවත්, වගාවේ සිටින කුරුමිණියන් සදහා සුදුසු රසායන ද්‍රව්‍ය යෙදිම ද කලයුතු බැවි ආචාර්ය ආනන්ද සුභසිංහ මහතා කියා සිටියේය.

දැනට රට තුළ පවත්නා දැඩි වියළි කාලගුණික තත්ත්වය හමුවේ මාතලේ දිස්ත්‍රික්කයේ දි හදුනාගනු ලැබු මෙම රෝගි තත්ත්වය ලංකාවේ සෙසු ප්‍රදේශ වල පවත්නා ගම්මිරිස් වගාවන් කෙරෙහි ව්‍යාප්ත වීමේ අවධානම් තත්ත්වය පාලනය සදහා බලධාරින්ගේ අවධානය මේ සම්බන්ධයෙන් කඩිනමින් යොමුවිය යුුතු බැවි අවධාරණය කල ආචාර්ය ආනන්ද සුභසිංහ මහතා වැඩිදුරටත් කියා සිටියේ ගම්මිරිස් හාකයේ අභ්‍යන්තරය තුළ වර්ධනය වන මෙම පණු විශේෂය පාලනය කිරිම අතිශය වැදගත් කටයුත්තක් බවයි.

පවත්නා රෝගය සම්බන්ධයෙන් මාතලේ දිස්ත්‍රික්කයේ ගම්මිරිස් ගොවින් රැසක් කියා සිටියේ වියළි කාලගුණය හේතුවෙන් සිය ගම්මිරිස් වගාවන් මැරි යන බව සිතා සිටි බවත්, පවත්නා රෝගි තත්ත්වය අවබෝධ කර ගැනීමෙන් අනතුරුව ඉදිරි අස්වනු සම්බන්ධයෙන් අදහස් අත්හැර ඇති බවත්ය.

ගම්රිසි ශාක හිටි හැටියේ අධික ලෙස වියළි යෑම මාතලේ දිස්ත්‍රික්කයේ ගම්මිරිස් වගාවන් වල දැකිය හැකි තත්ත්වයක් බව ද ගමිමිරිස් ගොවිහු කියා සිටියහ.

නාවුල ඉන්දික අරුණ කුමාර



Recommended Articles