මාස කිහිපයක් තිස්සේ පැවති දැඩි වියළී කාලගුණයට සහ නියඟයට තිත තබමින් බණ්ඩාරවෙල හා ඊට තදාසන්න ප්‍රදේශවලට අද (03) තුන දින පස්වරු එක පමණ සිට මහා වැසි ඇද හැලෙන්නට පටන් ගෙන තිබේ .
නියගෙන් පීඩාවට පත්ව සිටි බණ්ඩාරවෙල ජනතාවට හා ගොවි ජනතාවට මෙම වර්ෂාව දැවැන්ත අස්වැසිල්ලක් සහ අලුත් බලාපොරොත්තුවක් ගෙන දී තිබෙන බව පැවසේ.
පසුගිය කාල සීමාව පුරා පැවැති පෑවිල්ල සහිත කාලගුණය නිසා ප්‍රදේශයේ දෛනික ජීවිතයට මෙන්ම කෘෂිකර්මාන්තයට ද බලපෑම් ඉල්ලීවී තිබුණි.
ප්‍රදේශයේ ප්‍රධාන ජීවනෝපාය වන කෘෂිකර්මාන්තයටද දැඩි බලපෑම් එල්ල වී තිබූ අතර පානීය ජල මූලාශ්‍ර සිඳී සිඳී යමින් පැවතිණි.
කෙසේ වෙතත් දිගුකාලීන නියඟයකින් පසුව එක්වරම තද වැසී ඇතිවීම පිළිබඳව මහජනතාව විමසිල්ලෙන් සිටිය යුතු බව ආපදා කළමනාකරන මධ්‍යස්ථානය ජනතාව වෙත විශේෂයෙන් දැනුම් දීමක් කරයි.


