පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාට සති දෙකක කාලයක් හා පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීර මහතට සති 4ක් පාර්ලිමේන්තු කටයුතු තහනම් වී තිබේ.
ඒ සඳහා පැවැති ඡන්ද විමසීමෙන් ආණ්ඩු පක්ෂය ජය ගනු ලැබීය. පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග කඩ කිරීම හේතුවෙන් ඔවුන්ට මෙම තහනම ලබාදී ඇත.
ඒ අනුව ඔවුන් දෙදෙනාට අද සිට පාර්ලිමේන්තු කටයුතු තහනම් වෙනු ඇත. ප්‍රසන්න රණවීර මහතගේ යෝජනාවට පක්ෂව ඡන්ද 41ක් හා විපක්ෂව ඡන්ද 21ක් ලැබුණි.
විමල් වීරවංශ මහතාගේ යෝජනාවට පක්ෂව ඡන්ද 29ක් ලැබුණ අතර විපක්ෂව ඡන්ද 21ක් ලැබුණි.