විමල්ගේ පක්ෂයෙන් පාර්ලිමේන්තුවට 6ක්


ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ සාමාජික පක්ෂයක් වන ජාතික නිදහස් පෙරමුණ ‘පොහොට්ටුව’ ලකුණින් ඉදිරිපත් කර ඇති අපේක්ෂකයන් 06 දෙනෙකු 09 වැනි පාර්ලිමේන්තුව නියෝජනය කිරීම සඳහා තේරී පත්ව ඇත.

කොළඹ දිස්ත්‍රික්කයෙන් ජානිපෙ නායක, විමල් වීරවංශ, කළුතර දිස්ත්‍රික්කයෙන් ජාතික සංවිධායක ජයන්ත සමරවීර, නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් ජානිපෙ දේශපාලන මණ්ඩල සභික නිමල් පියතිස්ස, රත්නපුර දිස්ත්‍රික්කයෙන් ගාමිණී වලේබොඩ හා අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් උද්දික ප්‍රේමරත්න යන මහත්වරු   දිස්ත්‍රික් පදනමින් තේරී පත්ව ඇති අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තුව මගින් ජානිපෙ ප්‍රචාරක ලේකම් මොහොමඞ් මුසම්මිල් මහතා පාර්ලිමේන්තුවට නම් කර ඇත



Recommended Articles