විභාග පැවැත්වීමට අදාළ සිසුන්ට එන්නත්කරණ වැඩසටහනක් ක්‍රියාත්මක කළ යුතුයි


උසස් පෙළ, සාමාන්‍ය පෙළ විශ්ව විද්‍යාල අවසන් වසර විභාග වැනි කඩයිම් විභාග පැවැත්වීම සඳහා අදාළ සිසුන්ට කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩසටහනක් ආරම්භ කර  ඔවුන්ට අදාළ විභාග පැවැත්වීමට පියවර ගතයුතු බව​ට වෛද්‍ය රසායනාගාර වෘත්තියවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් පවසා සිටියි.

වෙනත් රටවල් ගණනාවක ප්‍රධාන විභාග පැවැත්වීම වෙනුවෙන් සිසුන් එන්නත්කරණයට ලක්කිරීමේ ක්‍රමවේදයන් ආරම්භ කර ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

 



Recommended Articles