විභාග ප්‍රශ්න පත්‍ර සකස් කිරීමේ වෙනසක්


මෙවර ශිෂ්‍යත්වය, උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ විභාග ප්‍රශ්න පත්‍ර සැකසීමේදී යම් සංශෝධනයක් සිදු කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර තිබේ.

කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් පාසැල්වල අධ්‍යන කටයුතු සඳහා එල්ල වූ බාධා සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගත් බවයි අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කර සිටියි.

ඊට අදාළ චක්‍රලේඛයක් ඉදිරියේදී නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍යංශයේ පාසැල් කටයුතු පිළිබඳ අතිරේක ලේකම් එල් එම් ඩී ධර්මසේන සඳහන් කර සිටියි.



Recommended Articles