විපක්ෂයේ සභාව කල් තැබිමේ යෝජනාව අද


විපක්ෂය විසින් සභාව කල්තැබීමේ යෝජනාව අද (13) දිනයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගේ ඉල්ලීමකට අනුව අද දිනයේදීත් පාර්ලිමේන්තුව රැස්වීමට තීරණය කර ඇති අතර එහිදි විපක්ෂය විසින් ගෙන එනු ලබන සභාව කල්තැබීමේ යෝජනාව විවාදයට ගැනීමට නියමිතය.

අද උදෑසන 10.00ට කථානායක මහහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව රැස්වෙනු ඇත.

 



Recommended Articles