විපක්ෂයේ දේශපාලන පක්ෂ හෙට විශේෂ සාකච්ඡාවක


විපක්ෂය නියෝජනය කරන පක්ෂ නායකයන්ගේ විශේෂ හමුවක් හෙට(25දා) පැවත්වීමට නියමිතව තිබේ.

විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ විපක්ෂනායක කාර්යාලයේදී හෙට පස්වරු 1ට මෙම  සාකච්ඡාව පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

මෙහිදී විශේෂයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සාකච්ඡා සිදු කිරීමට නියමිතව ඇත. 



Recommended Articles