විපක්ෂනායක හා ඇමෙරිකානු තානාපතිනිය අතර හමුවක්


ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති ජූලි චුංග් මහත්මිය හා විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අතර හමුවක් පවත්වා තිබේ. අද (19දා) පැවැති මෙම හමුවේදී වත්මන් ආර්ථික අර්බුදය සහ දේශපාලන තත්ත්වය පිළිබඳව සාකච්ඡා කළ බව තානාපතිවරිය සිය ට්විටර් ගිණුමෙන් පවසයි.

එසේම ශ්‍රී ලාංකීය ජනතාවගේ හදිසි සහ දිගු කාලීන අවශ්‍යතා විසඳීම සඳහා ශ්‍රී ලංකාවේ සියලුම අංශ එක්ව ක්‍රියා කළ හැකි ආකාරය පිළිබඳ අදහස් හුවමාරු කර ගැනීමටද මෙහිදී හැකිවූ බව ඇය වැඩිදුරටත් පවැසුවාය.



Recommended Articles