විනෝද චාරිකාවකට සහභාගී වුණු 16කට කොරෝනා


විනෝද චාරිකාවක යෙදුණු පිරිසක් අතරින් 16 දෙනකුට කොරෝනා ආසාදනය වී ඇතැයි බලපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.

ඔවුන් අඳාදොළ, වතුගෙදර, රන්දොඹේ සහ කොස්ගොඩ පදිංචිකරුවන්ය. වැලිගම ප්‍රදේශයේ පුද්ගලයකු ද මෙම විනෝද චාරිකාවට සම්බන්ධ වී ඇති අතර වැලිගම පදිංචිකරු කොරෝනා ආසාදිත බව වාර්තාවීම හේතුවෙන් එම චාරිකාවට සහභාගී වූ අනෙක් පිරිස සඳහා පීසීආර් පරීක්ෂණ සිදුකර තිබේ.

එහිදි සොයාගෙන ඇත්තේ එම චාරිකාවට සම්බන්ධ වූ 16 දෙනකුට කොරෝනා ආසාදනය වී ඇති බවයි.

සිරංගිකා ලොකුකරවිට



Recommended Articles