විනාඩි 47කට කලින් එජාපේ හිටිය වඩිවේල් මහින්දට එක්වූ හැටි


එක්සත් ජතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය අමාත්‍ය හර්ෂද සිල්වා මහතා 7.45ට පමණ නිකුත් කළ ට්විටර් නිවේදනයක දැක්වූයේ එක්සත් ජාතික පක්ෂ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි වඩිවේල් සුරේෂ් මහතා අරලිය ගහ මන්දිරයේ සිටින බවයි.

කෙසේ වෙතත් ඉන් සුළු වේලාවකට පෙර වඩිවේල් සුරේෂ් මහතා නව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ රජයේ වැවිලි කර්මාන්ත රාජ්‍ය අමාත්‍යවරයා ලෙස පත්වීම් ලබාගත්තේය.

එසේම ඔහු නිකුත් කළ ට්විටර් ගිණුමේ දැක්වූයේ මහින්ද රාජපක්ෂ මහතා සමග එක්වෙන බව පැවැසූ වී රාධාක්‍රිෂ්ණන් මහතා හා ආනන්ද කුමාර් මන්ත්‍රීවරුන් හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දැක්විමට එක්වූ බවයි.
 

 



Recommended Articles