දුමින්ද සංජීව බාලසූරිය
විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරිමට ඊයේ (19දා) පැවැත්වූ විශේෂ කැබිනට් රැස්වීමේදී ප්‍රතික්ෂේප විය.
එම සාකච්ඡාවේද්ි විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමේ යෝජනාව නිල වශයෙන් ඉදිරිපත් කිරීම පිළිබඳ වගකිම ගැනීමට කිසිඳු කෙනෙකු නොසිටි බවද අදට වාර්තාවේ.
අදාළ යෝජනාව පිළිබඳ සාකච්ඡා කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති හදිසි කැබිනට් රැස්වීම ඉතා උණුසුම් මුහුණුවරක් ගත් අතර යෝජනාවට පක්ෂව අදහස් දක්වා ඇත්තේ අමාත්‍යවරුන් වන රවී කරුණානායක සහ අමාත්‍ය රාජිත සේනාරත්න මහත්වරුන් පමණි.
ජනාධිපතිවරයාගේ කැඳවීමට අනුව අද (19දා) සවස 3.00ට පමණ ජනාධිපති ලේකම් කාර්යාලයේදී අමාත්‍ය මණ්ඩලය රැස්විය. බොහෝ කැබිනට් අමාත්‍යවරුන් මෙම යෝජනාවට දැඩි සේ විරුද්ධව අදහස් පළක කළ බව වාර්තා වෙයි.
අමාත්‍යවරුන් කිහිප දෙනෙකු අදහස් දැක්වීමෙන් වැළකී සිට තිබේ. මීට මාස කිහිපයකට පෙර මෙම යෝජනාව ඉදිරිපත් නොකළේ මන්දැයි අමාත්‍යවරුන් මෙහිදී ප්‍රශ්න කර ඇති අතර තවත අමාත්‍යවරුන කිහිපදෙනෙකුගේ අදහස වී ඇත්තේ ජනාධිපතිවරණය පැවැත්වීමෙන් අනතුරුව අවශ්‍ය නම් මෙම යෝජනාව සම්බන්ධයෙන් සලකා බැලිය හැකි බවයි.
ජනාධිපතිවරණ්‍යක් කැඳවා දිනක් තුළ ජනාධාපති ධුරය අහෝසි කිරීම පිළිබඳ සාකාච්ඡාවක් කිරීමට සදාචාරාත්මක අයිතියක් නොමැති බවත් දැන් පවතින්නේ ජනාධිපතිවරණයට සුදුසුම අපේක්ෂකයා යොදවා සංවිධානාත්මකව සියලු දෙනාගේ සහායෙන් එජාපේ අපේක්ෂකයා දිනවිමට කටයුතු කිරීම පමණක් බවත් කැබිනට් රැස්වීමේදී බහුතර අමාත්‍යවරුන් අදහස් දක්වා තිබේ.
මෙම රැස්වීමේදී අමාත්‍යවරුන් කිහිප දෙනෙකුම දැඩි සේ අදහස් දක්වා ඇති අතර මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා සඳහන් කර ඇත්තේ විධායක ජනපතිධුරය අහෝසි කිරිම සම්බන්ධයෙන් දැන් සාකච්ඡා කරන්නේ සජිත් භීතිකාව හා ගෝඨා භිතිකාව සෑදි ඇති කිහිප දෙනෙකු බවයි.
සජිත් ප්‍රේමදාස මහතා එජාපෙ අපෙක්ෂකයා වනවාට එජපයේ සජිත් භීතිකාව හැදුනු කිහිපදෙනෙකු අකමැති බවත් සමරවීර මහතා සඳහන කර තිබේ.
කෙසේ වෙතත් මේ සම්බන්ධව දීර්්ඝ ලෙස අදහස් දැක්වීමේ විධායක ජනපතිධුරය අහෝසි කිරීමේ යෝජනාව නිල වශයෙන් ඉදිරිපත් කලේ කාගේ අවශ්‍යතාවටදැයි අමාත්‍යවරුන් ජනාධිපතිවරයාගෙන් හා අගමැතිවරයාගෙන් ප්‍රශ්න කර ඇති අතර එහිදී ජනාධිපතිවරයාගෙන් අග්‍රාමාත්‍යවරයාගෙන් පිළිතුර වී ඇත්තේ “අනේ මම නම් නෙමෙයි ” යන්නයි.
මේ නිදා අදාළ කරුණ සම්බන්ධයෙන් විශේෂ කැබිනට් රැස්වීමක් පැවැත්වීම සම්බන්ධයෙන් අමාත්‍යවරුන් දැඩි සේ නායකයන්ට අප්‍රසාදය පළ කළ බවද වැඩිදුරත් වාර්තා වෙයි.
Special cabinet meeting on Aboloshing executive presidency unanimously decided after heated arguments not to discuss this matter NOW when EC has gazetted presidential elections. Vast majority of govt ministers declared that "we will go for presidential elections and WIN". #lka
— Mano Ganesan (@ManoGanesan) September 19, 2019