විධායක සේවා නිලධාරීන්ට ඇති වී තිබෙන ගැටලු විසඳීමට හෙට (24දා) දිනයේදී කැබිනට් මණ්ඩලය තීරණයක් ගැනීමට කටයුතු නොකළහොත් 25 වැනිදා සිට වෘත්තීමය ක්‍රියාමාර්ග ගන්නා බව රජයේ විධායක සේවා නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
තෝරාගත් පිරිසකට වැටුප් වැඩි කිරීමත් සමග විධායක සේවා නිලධාරීන්ට මෙම ගැටලුව ඇති වී තිබෙන බවද එම සංගමයේ ලේකම් එච්.එල්. උදයසිරි මහතා පැවසීය.
2018 වසරේදී මෙම වැටුප් විෂමතාව ඇති වූ බවත්, රාජ්‍ය සේවක වැටුප් ප්‍රතිපත්තිය අමු අමුවේම මේ ආණ්ඩුව උල්ලංඝණය කර තිබෙන බවත් අද (23දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී හෙතෙම සඳහන් කළේය.
මෙම ගැටලුව විසඳීමට හෙට (24දා) දිනයේදී කටයුතු නොකළහොත් අනිද්දා (25දා) සිට අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ග ගන්නා බවද එච්.එල්. උදයසිරි මහතා ප්‍රකාශ කළේය.

