විදේශයේ නිෂ්පාදිත දුම්වැටි 50,000ක් කටුනායක දී අත්අඩංගුවට


රුපියල් ලක්ෂ හතලිහක්  පමණ වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි 50,000 ක් නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට රැගෙන එමින් සිටියදී අද (10දා)  අලුයම කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ දී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .

කොළඹ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 45 ක් කාන්තාවක් , පිරිමි පුද්ගලයෙකු මෙම දුම්වැටි තොගය තම ගමන් මලු තුළ සගවා ගෙන කටුනායක ගුවන් තොටුපළ වෙත ගෙනැවිත් තිබුණි.

මැන්චෙස්ටර් වර්ගයේ විදේශීය නිෂ්පාදිත දුම්වැටි 50,000 ක් අඩංගු කාටූන් 250 ක් මොවුන්ගේ ගමන් මලු තුළ තිබී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබුණි .

මොවුන් දෙදෙනා අද (10දා)  අලුයම 03.30 ට පමණ අබුඩාබි සිට ඉටිහාඩ් ගුවන් සේවයේ ඊ.වයි.- 264 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .

මෙම විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගය ශ්‍රී ලංකාවට ආනයනය කිරීම තහනම් භාණ්ඩ ඝනයට අයත් වන බැවින් , කටුනායක ගුවන් තොටුපළ රේගු නිලධාරීන් විසින්  මෙම දුම්වැටි තොගය රාජසන්තක කිරීමට පියවර ගෙන තිබේ. 

 



Recommended Articles