විදේශගතව සිටි තවත් ලාංකිකයින් පිරිසක් දිවයිනට


සිංගප්පූරුවේ සහ මැදපෙරදිග රටවල රැකියා සදහා ගොස් , යළි ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව එම රටවල රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 100 දෙනෙකු රජයේ විශේෂ අවසරය මත අද දින කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .

ඒ අනුව සිංගප්පූරුවේ සිට 08 දෙනෙකු ද , සෞදි අරාබියේ රියාද් සිට 50 දෙනෙකු ද , කටාර් රාජ්‍යයේ දෝහා සිට 42 දෙනෙකු ද මේ ආකාරයට පැමිණ තිබුණි .

කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි මෙම පිරිස කොළඹ පෞද්ගලික රෝහල් කාර්යය මණ්ඩල විසින් පී.සී.ආර්.පරීක්ෂණ වලට ලක් කිරීමෙන් පසුව නීරෝධායනය සදහා යොමු කර තිබේ .

 



Recommended Articles