විදේශ සරසවි වල උපාධිධාරීන්ගේ රැකියා අභියාචනා පිළිබදව සළකා බලනවා


විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම මගින් අනුමැතිය ලබාගෙන විදේශ විශ්ව විද්‍යාල වලින් උපාධි ලැබු උපාධිධාරීන්ට රැකියා නොලැබි ඇත්නම් ඒ පිළිබදව කරන අභියාචනා ගැනද සලකා බලන බව අමාත්‍ය දේවානන්දා ප්‍රකාශ කළේය.

 උතුරු නැගෙනහිර පළාතේ උපාධිධාරීන්ට රැකියා ලබා දීමේදි රැකියා නොලැබි සිය අයදුම්පත් ප්‍රතික්ෂේප වු උපාධිධාරින් වවිනියාවේ රෝයල් ශාලාවේදි ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා හමුවී සිය දුග්ගැනවිලි ඉදිරිපත්  කළේය.

පසුගිය කැබිනට් මණ්ඩල රැස්වීමේදි එළැඹ තීරණයකට අනුව මෙරට විශ්ව විද්‍යාල  ප්‍රතිපාදන කොමිසමේ අනුමැතිය ඇති ජාත්‍යාන්තර විශ්ව විද්‍යාල වලින් උපාධි ලැබූ උපාධිධාරීන්ටත් මේ සඳහා අභියාචනා ඉදිරිපත් කල හැකි බව ඔහු ප්‍රකාශ කරන ලදි.

මෙහිදී අයදුම්පත් ප්‍රතික්ෂේප අය කරුණු දක්වමින් ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලින් තමන්ට ලබා දෙන අයදුම්පත් වල ජාත්‍යන්තර විශ්වවිද්‍යාල වලින් උපාධි ලැබූ උපාධිධාරීන් පිළිබදව කිසිදු කරුණක් දැනුවත් කර නොමැති බව පෙන්වා දුන්නේය.

එම අභියාචනා වල සදහන්ව ඇත්තේ අර්ථසාධක ගිණුම් තිබේද යන පදනම යටතේ ප්‍රතික්ෂේප වු අයදුම්කරුවන්ට පමණක් අභියාචනා කල හැකි බවද උපාධිධාරීන් පෙන්වා දුන්හ.

එම කරුණු පිළිබදව අමාත්‍යවරයාගේ අවධානය යොමු වූ අතර මේ පිළිබදව අදාල ප්‍රාදේශීය ලේකම්වරුන් දැනුවත් කරමින් විදේශ විශ්වවිද්‍යාල වලින් උපාධි ලැබුවන්ටද අභියාචනා ඉදිරිපත් කිරීමට අවශ්‍ය කටයුතු සලසා දෙන ලෙස ප්‍රාදේශීය ලේකම්වරුන් ද දැනුවත් කරන ලදි.



Recommended Articles