විදේශ රටවල් වල සිටි 446ක් ශ්‍රී ලංකාවට


ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව විදේශ රටවල් 03 ක රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 446 දෙනෙකු 8/09 දින සවස කටුනායක සහ මත්තල ගුවන් තොටුපළ වෙත පැමිණි ගුවන් යානා 03 න් පැමිණ තිබේ .

8/09 දින සවස 4.30 ට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 422 දෙනෙකු රැගෙන එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.-2528 දරන විශේෂ ගුවන් යානය ඩුබායි සිට මත්තල ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .

මීට අමතරව 8/09 දින සවස 4.05 ට සිංගප්පූරුවේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 16 දෙනෙකු රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.-303 දරන ගුවන් යානය කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .

එමෙන්ම 8/09 දින පස්වරු 12.55 ට ප්‍රංශයේ පැරිස් නුවර සිට එරට රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 08 දෙනෙකු රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.-564 දරන ගුවන් යානය කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .

කටුනායක ටී.කේ.ජී.කපිල



Recommended Articles