විදේශ රටවල රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 420 දෙනෙකු දිවයින​ට


ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව විදේශ රටවල රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 420 දෙනෙකු ගුවන් යානා 07 කින් රජයේ විශේෂ අවසරය ඇතිව 12/22 දින උදෑසන 8.30 න් අවසන් පැය 24 ක කාළය තුළ කටුනායක ගුවන් තොටුපළ ඔස්සේ ශ්‍රී ලංකාවට පැමිණ තිබූ අතර , තවත් ශ්‍රී ලාංකිකයන් 126 දෙනෙකු කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගිය ගුවන් යානා 05 කින් විදේශ ගත වී තිබූ බව කටුනායක ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා ප්‍රකාශ කළේය .

මෙසේ පැමිණි පිරිස අතර ජර්මනියේ ෆ්‍රෑන්ක්පර්ට් සිට 267 දෙනෙකු ද , එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි සිට 48 දෙනෙකු ද , කටාර් රාජ්‍යයේ දෝහා සිට 57 දෙනෙකු ද කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .

ඉන්පසුව මෙම පිරිස පී.සී.ආර්.පරීක්ෂණ වලට ලක් කිරීමෙන් අනතුරුව නීරෝධායනය සදහා යොමු කර තිබේ .

එසේම කටාර් රාජ්‍යයේ දෝහා වෙත 46 දෙනෙකු ද , එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි වෙත 28 දෙනෙකු ද කටුනායක ගුවන් තොටුපළෙන් මෙම කාළය තුළ පිටත්ව ගොස් තිබේ .

එමෙන්ම ගුවන් භාණ්ඩ මෙහෙයුම් සදහා තවත් භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානා 11 ක් කටුනායක ගුවන් තොටුපළ වෙත මෙම පැය 24 ක කාළය තුළ පැමිණි බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය .



Recommended Articles