විදේශ රටක සිට මෙහෙයවුු මත්ද්‍රව්‍ය ඡාවාරමක් වටලයි


විදේශගත මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවකු විසින් දුරකථන මාර්ගයෙන් මෙහෙයවනූ ලබන මත්ද්‍රව්‍ය ජාවාරමකට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙකු රුපියල් ලක්ෂ අටකට අධික වටිනාකම හෙරෝයින් ග්‍රෑම් 50 ක් මාවෝ කිලෝ 12 ක් සහ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 2ක් සමග ඊයේ (11) වන දින ගල්කිස්ස පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය පැවසීය. 

සැකකරුවන් රත්මලාන ශ්‍රී ධර්මාරාම පාර හා රජමාවත ප්‍රදේශවල පදිංචිව සිටින වයස 38 හා 40 අතර පසුවන අතර දුරකථන මධ්‍යස්ථානයක්  පවත්වාගෙන යන මුවාවෙන් වසර දෙකක සිට මෙම ජාවාරම සිදුකරගෙන  යමින් රත්මලාන ,මොරටුව ,දෙහිවල ගල්කිස්ස යන ප්‍රදේශ වලට බෙදාහැර ඇතැයිද පොලීසිය කියයි. 

   



Recommended Articles