විදේශ නැවියන් පිරිසක් රැගත් ගුවන් යානයක් මත්තලින් එංගලන්තයට


කොළඹ වරායේ නැංගුරම් ලා ඇති විදේශීය  නැවක සේවය කළ කාර්යය මණ්ඩලයේ නාවිකයන් 57 දෙනෙකු රැගෙන විශේෂ ගුවන් යානයක් මත්තල ගුවන් තොටුපළේ සිට එංගලන්තය බලා අද (02දා) අලුයම පිටත්ව ගොස් තිබේ.

වාමෝස් ගුවන් සේවයට අයත් ඊ.බී.- 545 දරන මෙම ගුවන් යානය මත්තල ගුවන් තොටුපළෙන් 7/02 දින අලුයම 5.50 ට එංගලන්තයේ ලන්ඩන් නුවර හීත්‍රෝ ගුවන් තොටුපළ බලා පිටත්විය.

මෙම ගුවන් යානය තුළ ගුවන් යානා කාර්යය මණ්ඩලය ලෙස 15 දෙනෙකු සේවයේ යෙදී සිටින අතර , මෙම ගුවන් යානය 7/01 දින උදෑසන 10.20 ට රෝමයේ සිට කොළඹ වරායේ ඇති නැවක සේවය සදහා නාවිකයන් 155 දෙනෙකු රැගෙන මත්තල ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.



Recommended Articles