විදේශ දුම්වැටි තොගයක් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට


බේරුවල චීන කොටුව ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී තීරු බදු රහිතව මෙරටට ආනයනය කරන ලද  දුම්වැටි තොගයක් සමග  පුද්ගලයෙක්  අද    28   අත්අඩංගුවට ගත් බව බේරුවල පොලිසිය කියයි.

මෙම පුද්ගලයා සන්තකයේ තිබී දුම්වැටි 11400 පොලිසිය භාරයට ගෙන ඇත .

පොලිස් විශේෂ කාර්ය බලකා හොරණ කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරක් අනුව බේරුවල පොලිසිය හා ඒකාබද්ධව මෙම වැටලීම සිදුකළ බව පොලිස් නිලධාරියෙක් පැවැසීය

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 32 පුද්ගලයෙක් වන අතර කළුතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය .

බිමල් ශ්‍යාමන් ජයසිංහ 

 



Recommended Articles