විදේශ ඇමති ජී. එල් ඉන්දීය විදේශ ඇමති ජයශංකර් හමුවෙයි


රුවන්ඩාවේ කිගාලි හි පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුවට සමගාමීව විදේශ අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා ඊයේ (23දා)  ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය අචාර්ය එස්. ජයශංකර් මහතා හමුවී ද්විපාර්ශ්වික සාකච්ඡාවක් පැවැත්වීය.

මෙම දුෂ්කර අවස්ථාව හමුවේ ඉන්දියාව ශ්‍රී ලංකාවට ලබා දුන් පුළුල් සහයෝගය සම්බන්ධයෙන් විදේශ අමාත්‍වරයා මෙහිදී සිය උණුසුම් කෘතඥතාව පළ කළේ ය. මෙම අතිශය අභියෝගාත්මක කාල පරිච්ඡේදයට මුහුණ දීම සඳහා මෙම උපකාර විශාල වශයෙන් ඉවහල් වූ බවද විදේශ අමාත්‍යවරයා සඳහන් කළේය.

විවිධ ක්ෂේත්‍ර ආශ්‍රිත අනාගත සහයෝගීතාව පිළිබඳව ද අමාත්‍යවරු දෙපළ මෙහිදී සාකච්ඡා කළහ.



Recommended Articles