විදෙස්ගතව සිට පැමිණි පුද්ගලයන් 157කට කොරෝනා


විදෙස්ගතව සිට මෙරටට පැමිණි පුද්ගලයන් 157 ක් කොරෝනා ආසාදිතයන් බවට පත්ව තිබේ.

මෙයින් වැඩිම පිරිසක් කුවේටයේ සිට ශ්‍රී ලංකාවට පැමිණි පුද්ගලයන් වන අතර එම සංඛ්‍යාව 90කි. මීට අමතරව ඩුබායි සිට පැමිණි පුද්ගලයන් 18කට කොවිඩ් ආසාදනය වී තිබේ.

මේ අනුව කුවේටයේ සිට ඊයේ ශ්‍රී ලංකාවට විශේෂ ගුවන් යානයක් මගින් ශ්‍රී ලාංකිකයන් ගෙන ඒමට සූදානම් කර තිබූ විශේෂ ගුවන් ගමනද අවලංගු කෙරිණ.



Recommended Articles