විදෙස්ගත ශ්‍රමිකයන්ගේ මුදල් ලබාගත් 5දෙනා රඳවාගෙන ප්‍රශ්න කරයි


විදෙස්ගත ශ්‍රමිකයින් නොමග යවමින් ඔවුන්ගේ බැංකු ගිණුම්වල පවතින මුදල් ලබාගැනීමේ චෝදනා මත අත්අඩංගුවට ගත් සැකකරුවන් 5 දෙනා දින තුනක රැඳවුම් නියෝග යටතේ රඳවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණයේ අවසරය ලැබී තිබේ.

කිරුළපන පොලීසිය විසින් ඊයේ (26දා) මෙම සැකකරුවන් අත්අඩංගුවට ගත් අතර ඔවුන් අද දිනයෙදී අලුත්කඩේ අංක තුන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මෙසේ රැඳවුම් නියෝග ලබාගත්තේය.

 



Recommended Articles