විදෙස්ගත ලාංකිකයින් පිරිසක් දිවයිනට


කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ 03/28 දින උදෑසන 8.30 න් අවසන් පැය 24 ක කාලය තුළ මගී ගුවන් යානා 39 ක මෙහෙයුම් කටයුතු සිදු කරමින් , ගුවන් මගීන් 1,199 දෙනෙකුට ගුවන් ගමන් පහසුකම් සළසා දෙමින් ,  කිලෝ ග්‍රෑම් 567,000 ක් බරැති ගුවන් භාණ්ඩ තොගයක් ප්‍රවාහනය කිරීමට ද දායක වී ඇති බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය .

ඒ අනුව මෙම කාළසීමාව තුළ දී ගුවන් යානා 19 කින් ගුවන් මගීන් 523 දෙනෙකු කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .

ඒ අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි සිට 102 දෙනෙකු ද , ජපානයේ නරීටා සිට 97 දෙනෙකු ද , කටාර් රාජ්‍යයේ දෝහා සිට 89 දෙනෙකු ද සිටියහ .

මෙසේ පැමිණි ගුවන් මගීන් පිරිස නීරෝධායන ක්‍රියාවලිය සදහා ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් සංචාරක හෝටල් වෙත රැගෙන ගොස් තිබුණි .

එමෙන්ම මෙම කාළසීමාව තුළ ගුවන් මගීන් 676 දෙනෙකු ගුවන් යානා 20 කින් කටුනායක ගුවන් තොටුපළෙන් විදේශ රටවල් බලා පිටත්ව ගොස් තිබුණි .

ඒ අතර ඉන්දියාවේ කොචින්  වෙත 145 දෙනෙකු ද , කටාර් රාජ්‍යයේ දෝහා වෙත 78 දෙනෙකු ද , මාලදිවයිනේ මාලේ වෙත 70 දෙනෙකු ද සිටියහ .

එසේම මෙම කාලසීමාව තුළ ශ්‍රී ලංකාවේ සංචාරය සදහා ජර්මනිය , එංගලන්තය , ඇමෙරිකාව යන රටවලින් විදේශීය සංචාරකයන් 49 දෙනෙකු කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියහ .

එමෙන්ම මෙම කාලසීමාව තුළ කිලෝ ග්රැම් 170 ක් බරැති ගුවන් භාණ්ඩ තොගයක් ආනයන ලෙස ගුවන් තොටුපළ වෙත රැගෙන විත් තිබූ අතර , තවත් කිලෝ ග්රැම් 397,000 ක් බරැති ගුවන් භාණ්ඩ තොගයක් අපනයන ලෙස ගුවන් තොටුපළෙන් විදේශ රටවල් බලා රැගෙන ගොස් තිබූ බව කටුනායක ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා වැඩිදුරටත් පැවසීය .

 



Recommended Articles