විදෙස්ගත ලාංකිකයින් 886 දෙනෙකු දිවයිනට


මගී ගුවන් යානා 21 ක මෙහෙයුම් කටයුතු සිදු කරමින් , ගුවන් මගීන් 1,577 දෙනෙකුට ගුවන් ගමන් පහසුකම් සලසා දෙමින් ,කිලෝ ග්‍රෑම් 398,000 ක ගුවන් භාණ්ඩ ප්‍රමාණයක් ප්‍රවාහනයට ද කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ අද දින උදෑසන 8.30 න් අවසන් පැය 24 ක කාලය තුළ පියවර ගෙන තිබූ බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය .

ඒ අනුව ගුවන් මගීන් 886 දෙනෙකු , ගුවන් යානා 10 කින් මෙම කාලසීමාව තුළ කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි සිට 169 දෙනෙකු ද , කටාර් රාජ්‍යයේ දෝහා සිට 149 දෙනෙකු ද , එසේ පැමිණ තිබුණි .

කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි මෙම ගුවන් මගීන් පිරිස නීරෝධායන ක්‍රියාවලිය සදහා ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් සංචාරක හෝටල් වෙත රැගෙන ගොස් තිබුණි .

එමෙන්ම මෙම කාලසීමාව තුළ ගුවන් මගීන් 691 දෙනෙකු ගුවන් යානා 11 කින් කටුනායක ගුවන් තොටුපළෙන් විදේශ රටවල් බලා පිටත්ව ගොස් තිබුණි .

ඒ අතර කටාර් රාජ්‍යයේ දෝහා වෙත 116 දෙනෙකු ද , එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි වෙත 100 දෙනෙකු ද පිටත්ව ගොස් තිබුණි .

එසේම මෙම කාලසීමාව තුළ ශ්‍රී ලංකාවේ සංචාරය සදහා ඇමෙරිකා එක්සත් ජනපදය , නෝර්වේ සහ චීනය යන රටවලින් විදේශීය සංචාරකයන් 27 දෙනෙකු කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .

එමෙන්ම කිලෝ ග්‍රෑම් 115,000 ක් බරැති ගුවන් භාණ්ඩ තොගයක් ආනයන ලෙස මෙම කාළසීමාව තුළ කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන පැමිණ තිබූ අතර , තවත් කිලෝ ග්‍රෑම් 283,000 ක් බරැති ගුවන් භාණ්ඩ තොගයක් අපනයන ලෙස කටුනායක ගුවන් තොටුපළෙන් විදේශ රටවල් බලා රැගෙන ගොස් තිබූ බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය .

 



Recommended Articles