විදෙස්ගත ලාංකිකයින් 804 දෙනෙකු දිවයිනට


කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර  ගුවන් තොටුපළ අද දින උදෑසන 8.30 න් අවසන් පැය 24 ක කාලය තුළ මගී  ගුවන් යානා 23 ක මෙහෙයුම් සිදු කරමින් , ගුවන් මගීන් 1,315 දෙනෙකුට ගුවන් ගමන් පහසුකම් සළසා දෙමින් ද  , භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානා 15 ක මෙහෙයුම් සිදු කරමින් කිලෝ ග්රැම් 607,000 ක ගුවන් භාණ්ඩ තොගයක් ප්‍රවාහනය කිරීමට ද දායක වී ඇති බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය .

ඒ අනුව මෙම කාළසීමාව තුළ ගුවන් මගීන් 804 දෙනෙකු ගුවන් යානා 12 කින්  කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .

ඒ අතර මාලදිවයිනේ මාලේ සිට 110 දෙනෙකු ද , කටාර් දෝහා සිට 83 දෙනෙකු ද පැමිණි සිටියහ .

ඔවුන් සියලුම දෙනා නීරෝධායන ක්‍රියාවලිය සදහා සංචාරක හෝටල් වෙත රැගෙන ගොස් තිබුණි .

එසේම මෙම කාලසීමාව තුළ ගුවන් මගීන් 511 දෙනෙකු ගුවන් යානා 11 කින් විදේශ රටවල් බලා කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගොස් තිබුණි .

එමෙන්ම මෙම කාළසීමාව තුළ ශ්‍රී ලංකාවේ සංචාරය සදහා විදේශීය සංචාරකයන් 97 දෙනෙකු ද කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .

මෙම කාළ පරාසය තුළ කිලෝ ග්‍රෑම් 215,000 බරැති ගුවන් භාණ්ඩ තොගයක් ආනයන ලෙස භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානා 07 කින් කටුනායක ගුවන් තොටුපළ වෙතට රැගෙන විත් තිබූ අතර , තවත් කිලෝ ග්‍රෑම් 392,000 ක් බරැති ගුවන් භාණ්ඩ තොගයක් අපනයන ලෙස භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානා 08 කින් කටුනායක ගුවන් තොටුපළෙන් විදේශ රටවල් වෙත රැගෙන ගොස් තිබූ බව කටුනායක ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා වැඩිදුරටත් පැවසීය .

 



Recommended Articles