විදෙස්ගත ලාංකිකයින් 804 දෙනෙකු දිවයිනට


මගී ගුවන් යානා 28ක මෙහෙයුම් කටයුතු සිදු කරමින් , ගුවන් මගීන් 1,473 දෙනෙකුට ගුවන් ගමන් පහසුකම් සලසා දීමට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ අදදින උදෑසන 8.30 න් අවසන් පැය 24 ක කාලය තුළ ක්‍රියාත්මක වී තිබූ බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය .

ඒ අනුව මගී ගුවන් යානා 15 කින් ගුවන් මගීන් 804 දෙනෙකු මෙම කාලසීමාව තුළ කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .

එසේ පැමිණි ගුවන් මගීන් අතර කටාර් රාජ්‍යයේ දෝහා සිට 135 දෙනෙකු ද , ඕමානයේ මස්කට් සිට 78 දෙනෙකු ද සිටියහ .

එමෙන්ම තවත් ගුවන් මගීන් 669 දෙනෙකු ගුවන් යානා 13 කින් මෙම කාලසීමාව තුළ කටුනායක ගුවන් තොටුපළෙන් විදේශ රටවල් බලා  පිටත්ව ගොස් තිබුණි .

එසේ පිටත්ව ගිය ගුවන් මගීන් පිරිස අතර සෞදි අරාබියේ රියාද් වෙත 151 දෙනෙකු ද , එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි වෙත 94 දෙනෙකු ද සිටියහ .

මේ අතර ශ්‍රී ලංකාවේ සංචාරය සදහා එංගලන්තය , ජර්මනිය , ඕස්ට්‍රේලියාව යන රටවලින් විදේශීය සංචාරකයන් 107 දෙනෙකු ද කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ සිටි බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා වැඩිදුරටත් පැවසීය .

 



Recommended Articles