විදෙස්ගත ලාංකිකයින් 637 දෙනෙකු දිවයිනට


මගී ගුවන් යානා 21 ක මෙහෙයුම් කටයුතු සිදු කරමින් , ගුවන් මගීන් 1,260 දෙනෙකුට ගුවන් ගමන් පහසුකම් සළසා දීමට කටුනායක ගුවන් තොටුපළ අද දින උදෑසන 8.30 න් අවසන් පැය 24 ක කාලය තුළ පියවර ගෙන තිබූ බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය .

ඒ අනුව මෙම කාලසීමාව  තුළ ගුවන් මගීන් 637 දෙනෙකු ගුවන් යානා 12කින් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .

එම ගුවන් මගීන් පිරිස අතර බහරේනයේ සිට 84 දෙනෙකු ද , එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි සිට 83 දෙනෙකු ද සිටියහ .

ඔවුන් සියලුම දෙනා නීරෝධායන ක්‍රියාවලිය සදහා ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් සංචාරක හෝටල් වෙත රැගෙන ගොස් තිබුණි .

එමෙන්ම මෙම කාලසීමාව තුළ ගුවන් මගීන් 623 දෙනෙකු ගුවන් යානා 09කින් විදේශ රටවල් බලා කටුනායක ගුවන් තොටුපළෙන්  පිටත්ව ගොස් තිබුණි .

එම ගුවන් මගීන් පිරිස අතර සෞදි අරාබියේ දමාම් වෙත 169 දෙනෙකු ද , කටාර් රාජ්‍යයේ දෝහා වෙත 103 දෙනෙකු ද පිටත්ව ගොස් තිබුණි .

එසේම මෙම කාළසීමාව තුළ ශ්‍රී ලංකාවේ සංචාරය සදහා තුර්කිය , බ්‍රසීලය , ඉරානය සහ ජර්මනිය යන රරටවලින් විදේශීය සංචාරකයන් 68 දෙනෙකු කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .

 



Recommended Articles