විදෙස්ගත ලාංකිකයින් 519 දෙනෙකු දිවයිනට


මගී ගුවන් යානා 21 ක මෙහෙයුම් කටයුතු සිදු කරමින් , ගුවන් මගීන් 927 දෙනෙකුට ගුවන් ගමන්  පහසුකම් සලසා දෙමින් , කිලෝ ග්‍රෑම් 432,000 ක් බර ගුවන් භාණ්ඩ ප්‍රමාණයක් ප්‍රවාහනය කිරීමට අද දින උදෑසන 8.30 න් අවසන්  කාලය තුළ  කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ පියවර ගෙන තිබූ බව එහි ගුවන්තොටුපල කාර්යභාර නිලධාරි වරයා පැවසීය .

ඒ අනුව මෙම කාලසීමාව තුළ ගුවන් යානා 13 කින් ගුවන් මගීන් 519 දෙනෙකු කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .

එසේ පැමිණි ගුවන් මගීන් අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි සිට 85 දෙනෙකු ද , සෞදි අරාබියේ දමාම් සිට 78 දෙනෙකු සිටියහ .

කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි මෙම ගුවන් මගීන් නීරෝධායන ක්‍රියාවලිය සදහා ශ්‍රී ලංකා යුධ හමුදා නිලධාරීන් විසින් සංචාරක හෝටල් වෙත රැගෙන ගොස් තිබුණි .

එමෙන්ම මෙම කාලසීමාව තුළ ගුවන් මගීන් 408 දෙනෙකු ගුවන් යානා 08 කින් විදේශ රටවල් බලා කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගොස් තිබුණි

එසේ පිටත්ව ගිය ගුවන් මගීන් අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි වෙත 150 දෙනෙකු ද , සෞදි අරාබියේ දමාම් වෙත 120 දෙනෙකු ද සිටියහ .

එසේම මෙම කාලසීමාව තුළ ශ්‍රී ලංකාවේ සංචාරය සදහා විදේශීය සංචාරකයන් 73 දෙනෙකු චීනය , ඇමෙරිකාව සහ බ්‍රිතාන්‍යයේ සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .

එමෙන්ම කිලෝ ග්‍රෑම් 138,000 ක් බර ගුවන් භාණ්ඩ තොගයක් ආනයන ලෙස රට තුළටත්  , කිලෝ ග්‍රෑම් 294,000 ක්  බර ගුවන් භාණ්ඩ තොගයක් අපනයන ලෙස විදේශ රටවල් වෙතත්  මෙම කාලසීමාව තුළ කටුනායක ගුවන් තොටුපළ ඔස්සේ ප්‍රවාහනය සදහා කටයුතු කර තිබූ බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය .

 



Recommended Articles