විදෙස් රටවල සිට පැමිණෙන පිරිස් ගැන අලුත් තීරණයක්


2022.01.01 දින සිට ශ්‍රී ලංකාවට පැමිණීමට අපේක්ෂා කරන සියලුම ගුවන් මගීන් , තමන් පැමිණීමට පෙර , කොරෝනා මර්දන එන්නත් දෙකම ලබා ගෙන ඇති බවට සහතිකය, ශ්‍රී ලංකාවට පැමිණීමට පැය 72 ක කාළය තුළ ලබා ගත් පී.සී.ආර්.පරීක්ෂණ වාර්තා ඇතුළත් එම ගුවන් මගීන්ගේ සෞඛ්‍ය වාර්තා කටුනායක ගුවන් තොටුපළ වෙත මාර්ගගත ක්‍රමයට ගුවන් තොටුපළ සෞඛ්‍ය වෛද්‍ය ඒකකය වෙත යොමු කළ යුතුය .

ඉන්පසුව එම වාර්තා සළකා බැලීමෙන් පසුව එම ගුවන් මගියා , ශ්‍රී ලංකාවට පැමිණීමට සුදුසු මට්ටමක සිටී නම් , ඒ පිළිබඳව අදාළ තහවුරු කිරීම ලද පසුව ශ්‍රී ලංකාවට පැමිණීම සිදු කළ යුතු බව ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති උපුල් ධර්මදාස මහතා නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටී .



Recommended Articles