විදෙස් රටක නිෂ්පාදිත අත්බෝම්බ 3ක් රැකව කැලයක


තංගල්ල රැකව මහත්තයාවැව ආසන්නයේ කැලයක තිබි  විදෙස් රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බ 3ක් අද සොයාගත් බව තංගල්ල මූලස්ථාන පොලීසිය පවසයි.

පොලිතින්වල ඔතා ප්ලාස්ටික් බෝතලයක මෙම අත්බෝම්බ බහා තිබී ඇති අතර ගම්වාසියකු මෙය දැක පොලීසිය දැනුවත් කර තිබිණ.

තංගල්ල මූලස්ථාන පොලීසිය මේ  සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

අනිෂා මානගේ 

 



Recommended Articles